මිරකල් සම්මාන උළෙලේ ඇත්ත නැත්ත හෙළිවෙයි..මහින්ද ජයසිංහට ආරාධනා පත්‍ර දෙකකුත් එවලා ?

පසුගියදා පැවති ඒෂියන් මිරකල් නැමති සම්මාන උළෙලකදී ජනප්‍රියම ගුරුවරිය ලෙස හයේශිකා ප්‍රනාන්දුට සම්මානය පිරිනැමීම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රතික්ෂේප කිරීමත් සමඟම ඔහුට එරෙහිව විව්ධ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පලවෙනු දක්නට ලැබුනා.

එම උළෙලේ සංවිධායකවරයෙකු මාධ්‍යයට පවසා තිබුනේ තමන් නියෝජ්‍ය අමාත්‍යවරයාට ආරාධනා නොකල බවත් ඔහු බලෙන්ම වාගේ පැමිණි බවත් ය.

එහෙත් හාස්‍යය නම් එලෙස බලෙන්ම පැමිණි අයෙකුට සම්මාන පිරිනැමීමට වේදිකාවට ආරාධනා කරයිද යන්නයි.

මේ පිළිබඳව අදහස් දක්වා ඇති මහින්ද ජයසිංහ මහතා පවසා ඇත්තේ මෙම උළෙල සඳහා සහභාගී වීමට තමන්ට ආරාධනා පත්‍ර දෙකක්ද එම සංවිධායකයින් විසින් එවූ බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *