අපේ පවුලේ කවුරුත් එහෙම කතා කරේ නැහැ..සංඝරත්නය මේවට ගාව ගන්න එපා නාමල්ගේ පැහැදිලි කිරීම මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත් අඩංගුවට නොගන්නා ලෙසට ,ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා මල්වතු නා හිමියන්ගෙන් කළ ඉල්ලීමක් පිළිබඳව ඊයේ දිනයේදී අප විසින් මවුරට වෙබ් අඩවියේ පුවතක් පළ කරනු ලැබුවා.
ඒ සඳහා උපුටා ගනු ලැබුවේ මාධ්‍යවේදී සනත් බාලසූරිය මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළකල සටහනක් වන අතර මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
එවැනි පුවත් ප්‍රබන්ධයන් බවත් ඒවා අවසත්‍ය බවත් ඔහු කියා සිටින අතර එවැනි පුවත් සඳහා ගරුතර මහා සංඝරත්නය සම්බන්ධ කර නොගන්නා ලෙසයි හෙතෙම ඉල්ලා සිටින්නේ.