“ඇයි මාව අඳුරන්නේ නැද්ද ? ” මහනුවර රෝහල මැදින් යන්න ගිය මාලිමාවේ තරුණ මන්ත්‍රී සේවකයින්ටත් සද්දෙ දාලා

අනන්‍යතාව හෙළි නොකර මහනුවර ජාතික රෝහල මැදින් වැටී ඇති මාර්ගය හරහා සිය රථයෙන් යාමට පැමිණි මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් අවසර නොදීමෙන් දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
වාර්තා වන ආකරයට තරුණ මන්ත‍්‍රීවරයකු වූ ඔහු ඒ අවස්ථාවේ තමන් කවුද කියා හඳුනන්නේ නැද්දැයි රෝහලේ ආරක්ෂක නිලධාරින්ගෙන් විමසා ඇති අතර, ආරක්ෂක නිලධාරින් එම තරුණ මන්ත්‍රීවරයා කවුදැයි නොහඳුනන බව පැවැසීම නිසා රෝහල් පොලිසියේ නිලධාරීන් ද එම ස්ථානයට කැඳවීමට සිදුව තිබේ.
පොලිස් නිලධාරින් ද මෙම තරුණ මන්ත්‍රීවරයා හඳුනා නොගැනීම නිසා එම ස්ථානයේ උනුසුම් තත්වයක් ඇතිව තිබේ.
ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මන්ත‍්‍රීවරයා ප්‍රකෝප වී තිබෙන්නේ තමන් කවුද යන්න රෝහල් ආරක්‍ෂක අංශය, කාර්‍ය මණ්ඩලය සහ පොලිස් නිලධාරීන් නොදැන සිටීම සම්බන්ධවය.
අර්බුදය හටගෙන තිබෙන්නේද මෙම තරුණ මන්ත්‍රීවරයා පැමිණි වාහනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට හඳුනා ගැනීම සඳහා රාජ්‍ය ලාංජනය හෝ වෙනත් හඳුනාගත හැකි ලාංඡනයක් ප්‍රදර්ශනය නොකිරීම නිසාය.
ඒ බව මන්ත‍්‍රීවරයාට තේරුම් කර දීමට රෝහල් කාර්‍ය මණ්ඩලය කොතෙකුත් උත්සාහ කළත් එය තේරුම් ගැනීමට මන්ත‍්‍රීවරයා අසමත්වීම හේතුවෙන් මන්ත්‍රීවරයා සහ රෝහලේ ආරක්ෂකයන් අතර මෙහිදී උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිව තිබේ.
එසේම වේලාසනම තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බව තහවුරු කළා නම් මේ ආකාරයේ කිසිඳු ගැටළුවක් ඇති නොවන බවද රෝහල් කාර්‍ය මණ්ඩලය පවසයි.
අනතුරුව තමන්ව හඳුනාගෙන නොසිටීම සහ රෝහල් මාර්ගයට ඇතුල්වීම වළක්වාලීම සම්බන්ධව මන්ත‍්‍රීවරයා මහනුවර උසස් පොලිස් නිළධාරින්ට පැමිණිලි කර තිබෙන බවද වාර්තා වෙයි.
මෙම සිද්ධිය ඉකුත් 24 වැනිදා දහවල් 11:00 පමණ සිදුව තිබේ.
උපුටා ගැනීම – Newshub