GMOA හි දෙබිඩි පිළිවෙත මෙන්න ! අනුරපුර වෛද්‍යවරිය වෙනුවෙන් හඬ නැගුවත් ජපුර වෛද්‍යවරියගෙන් රෝගීන්ට වූ හානිය ගැන නිහඬයි !

අනුරාධපුරය රෝහලේ සේවය කරමින් සිටියදී අතවරයට ලක් වූ බව පැවසෙන වෛද්‍යතුමිය වෙනුවෙන් පසුගිය කාලයේදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස මැදිහත් වූ අතර ඔවුන් රෝගීන්ව ප්‍රාණ ඇපයට ගෙන වැඩ වර්ජනයක් පවා සිදු කරනු ලැබුවා.
එහෙත් ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරියක් පසුගියදා අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් අතර ඇය කළ අනීතික ක්‍රියාවන් නිසාවෙන් මෙරට රෝගීන් හට අසාධාරණයක් සිදුවූ බව රහසක් නොවේ.
නමුත් තම සංගමය නියෝජනය කරන තැනැත්තියකගේ ක්‍රියා කලාපය නිසා ජනතාවට අසාධාරණයක් සිදු වුවද මේ වන තුරුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ පිළිබඳව කිසිඳු නිවේදනයක් හෝ සිදු කොට නොමැති බවයි වාර්තා වන්නේ.