නගරාධිපතිකම ලැබෙයි කියා සතුටට සජබෙ ඊයේ රෑ කොළඹ හෝටලයක පාටියකුත් දාලා ! මන්ත්‍රීවරු 61 කුත් ඇවිල්ලා ?

කොළඹ නගර සභාවේ බලය තමන්ට ලැබෙයි කියා උදම්ව සිටි සමගි ජන බලවේගය ඊයේ (15) රාත්‍රියේදී කොළඹදී සාදයක්ද පවත්වා ඇතැයි මවුරට වෙබ් අඩවියට වාර්තා වෙනවා.

මේ සඳහා ලිපියට අත්සන් කර ඇති මන්ත්‍රීවරුන් ඇතුලුව 60 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර ඔවුන් එහිදී විනෝද වී තිබෙනවා.

එහෙත් පසුදා උදෑසන පැවති ජන්ද විමසීමේදී සජබය වෙනුවෙන් ජන්දය දී ඇත්තේ ඉන් 54 දෙනෙකු පමණක් වීම නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට දැඩි විස්සෝපයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *