61 ට 54 යි..රහස් ජන්දයෙන් කොළඹ බලය මාලිමාවට ! සජබය හාන්සියි

මීට ටික වෙලාවකට පෙර කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තේරීමේ සභිකයින්ගේ ජන්දය පැවතියා.

එහිදි වැඩි ජන්දයෙන් ජයග්‍රහණය කළේ ජාතික ජන බලවේගයේ අපේක්ෂිකා ව්‍රායි බාල්ත්සාර් මහත්මියයි.ඇය ජන්ද 61 ක් ලබාගත් අතර සජබය ලබා ගත්තේ ජන්ද 54ක් පමණයි.

කිසිඳු පාර්ශ්වයකට බහුතර බලය හිමි නොවූ පලාත් පාලන ආයතන රැසක සභාපතිවරු සහ නගරාධිපතිවරු තෝරා ගනු ලැබුවේ රහස් ඡන්දයෙන් වන අතරද කොළඹද රහස් ජන්දයෙන් තෝරා පත් කරගන්නා ලෙස ආණ්ඩු පාර්ශවය ඉල්ලා සිටියද විපක්ෂය ඊට සිය විරෝධය පලකලා.

නමුත් අවසානයෙදී නගරාධිපතිවරයා තෝරාගත්තේ රහස් ජන්දයෙන්.

කොළඹ මහනගර සභාව සදහා ජාතික ජන බලවේගය මන්ත්‍රීධූර 48 ක්, සමගි ජන බලවේගය මන්ත්‍රීධූර 29 ක් සහ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 13 ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආසන 04 ක්, ස්වාධීන කණ්ඩායම අංක තුන ආසන 03 ක් සහ ස්වාධීන කණ්ඩායම අංක හතර සහ අංක පහ ආසන දෙක බැගින් දිනා ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *