” මටත් ඕනේනම් සමරු ඵලකය කඩලා දාලා එතන වීරයෙක් වෙන්න තිබ්බා ! ” සමරු ඵලකයේ ඇත්ත නැත්ත ගැන නලින්ද කතා කරයි

වාද්දූව මධ්‍ය මහා විදුහලේ ගොඩනැඟිල්ලක සමරු ඵලකයේ රජයේ අමාත්‍යවරුන්ගේ නම් සඳහන් වීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් හමුවීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පල කලා.

තමන් එම ස්ථානයට ගිය පසු අදාල පුවරුව දුටු බවත්,එහෙත් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ සිත් රිදවමින්ද එම උළෙල අපහසුතාවයට පත් කරවමින්ද කටයුතු කළ නොහැකි නිසා තමන් එහිදී කිසිවෙකුට දෝෂාරෝපණය නොකල බවයි ඔහු කියා සිටියේ.

එහෙත් නම් සඳහන් කිරීම් වලට ප්‍රතිපත්තියක් ලෙස රජය විරුද්ධ බවයි ඔහු කියා සිටින්නේ.

කෙසේ වෙතත් ඔහුගේ එම හැසිරීම ප්‍රශංසනාත්මක එකක් බවයි බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *