සජිත් දිනුවනම් දිව්රුම් දෙන්න හිටියේ මිහින්තලා පුදබිමේ අඹ ගහක් යටලු !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යම් හෙයකින් පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් දිව්රුම් දීම සඳහා මිහින්තලා පුද බිමේ අඹ ගහක් තෝරා ගැනීම සුදුසු බවට එකල මිහින්තලේ විහාරාධිපති හිමියෝ යෝජනා කර තිබුනා.

එවකට විපක්ෂ නායකවරයා උන්වහන්සේව බැහැදකීම සඳහා මිහින්තලේ පුදබිමට පැමිණි විටෙක මෙම යෝජනාව විහාරාධිපති හිමියන් විසින් ඉදිරිපත් කළ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කළ අතර ඔහුගේ දේශපාලන වේදිකාවලටද එකතු වී සිටිනු දක්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *