කොළොම්පුරෙන් මහ දියඹ සිපගත් කුමරිය සයුරේදීම දැවී නිවී යයි?

කේරළ වෙරළට ඔබ්බෙන් වූ සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක ගින්නක් වාර්තා වී ඇත. MV Wan Hai 503 නම් මෙම නෞකාව කොළඹ සිට මුම්බායි බලා ගමන් කරමින් තිබී ඇත.
මුලින් නිලධාරීන් විසින් MV Wan Hai 503 නෞකාවෙන් පිපිරීමක් වාර්තා වූ බව ප්‍රකාශ කළද, පසුව එය ගින්නක් බවට පැහැදිලි කරන ලදී.
නෞකාවේ යට තට්ටුවේ හටගත් මෙම ගින්න මුලින්ම පෙ.ව. 10.30 ට පමණ මුම්බායි හි සමුද්‍රීය මෙහෙයුම් මධ්‍යස්ථානය (Maritime Operations Centre – MOC) විසින් කොචි හි ඔවුන්ගේ සගයන්ට දැනුම් දී ඇත.
ගින්නට ලක් වූ MV Wan Hai 503 නෞකාව මීටර 270 ක් දිග වන අතර, එහි ගැඹුර මීටර 12.5 කි. මෙම නෞකාව 2025 ජූනි 7 වන දින කොළඹ වරායෙන් පිටත්ව ගොස් ඇති අතර, 2025 ජූනි 10 වන දිනට මුම්බායි වරායට ළඟා වීමට අපේක්ෂා කරන ලදී.
මෙම සිද්ධියට ප්‍රතිචාර වශයෙන්, ඉන්දීය නාවික හමුදාව විසින් කොචි හි නැංගුරම් දැමීමට නියමිතව තිබූ INS Surat නෞකාව වහාම ආධාර සැපයීම සඳහා හරවා යවා ඇත.
බටහිර නාවික විධානය පෙ.ව. 11 ට මෙම නෞකාව හරවා යැවූ බවද ප්‍රකාශකයා සඳහන් කළේය.
පවතින තත්වය තක්සේරු කිරීමට සහ සහාය සම්බන්ධීකරණය කිරීමට කොචි හි INS Garuda නාවික ගුවන් තොටුපළෙන් නාවික ඩෝනියර් ගුවන් යානා මෙහෙයුමක් ද සැලසුම් කර ඇත.