ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹේ

16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ වන විට පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

පස්වරු 04.25ට පමණ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමග එම සැමරුම් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා.

ඒ, ජාතික ගීය ගායනා කිරීමත් සමගයි. යුධ ජයග්‍රහණය සඳහා නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක ඇතුළු රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් ඊට එක්ව සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *