දුම්රිය අඛණ්ඩ වර්ජනයක් කැදවයි

හෙට දින ඇතුළත පිළිගත හැකි විසදුමක් බලධාරීන් විසින් ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට එලැබීමට දුම්රිය ස්ථානාපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ එම සංගමය විධායක කමිටුව රැස්වී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි.
සිය ඉල්ලීම් ලබාදෙන ලෙස එල්ලෙමින් පසුගිය දා ඔවුන් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වූ අතර තම ඉල්ලීම් ඉටු කිරීම සඳහා ආණ්ඩුවට දින හතරක කාලයක් ලබා දුන්නේය.