අපි වගේ අවංක අය ජාතික ජන බලවේගයෙත් ඉන්නවා

තමා ඇතුළු සමගි ජන බලවේගයේ ඇතැම් අය මෙන්ම ජාතික ජන බලවේගයේත් අවංක පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රකාශ කළා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කරමින් වැඩි දුරටත් කියා සිටියේ, වංචා දූෂණ කර පිරිසට එරෙහුව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

එසේම බැඳුම්කර වංචාව සිදු වූ කාලයේ සමගි ජන බලවේගයේ පිරිස ඊට එරෙහිව කටයුතු කළ බව ද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *