නලින් හේවගේගේ කතාවට අගමැතිණියගෙත් විරෝධය

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අනුමත නොකරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ සිදු වූ දේ සිදු නොවුණානම් හොඳ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“ඒක සුදුසු නෑ. මම හිටියේ නෑ ඒ අවස්ථාවේ. නමුත් ඒ අවස්ථාවේදීම නලින්ද ජයතිස්ස ඇමතිවරයා වහාම ඒක ප්‍රතික්ෂේප කළා. ඒක නිවැරදි කරන්න මැදිහත් වුණා”.

“අපේ ආණ්ඩුව අපේ පැත්තෙන් වරදක් වුණත් ඒක වෙනස් කරන්න අපි මැදිහත්වෙනවා. එවැනි දේවල් අපි අනුමත කරන්නේ නෑ. නොවිය යුතු දේවල් අපෙන් වෙන්න පුළුවන්”.

“අපේ කෙනෙක් කියලා වැරදි දේ හරියි කියන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඊයේ සිද්ධ වෙච්ච දේ එහෙම නොවුණානම් හොඳයි”.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය ඉලක්ක කර ඇගේ නම වෙනස් කර ඇති බවට පුවත්පත් දැන්වීමක් පළකර ඇති බව සඳහන් කරමින් ප්‍රකාශයක් සිදු කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ