කතරගම දේව බැල්මෙන් මොණරාගලට හෘද රෝග ඒකකයක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල් යොදා ගනිමින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක් ඉදිකිරීම (16) සුබ මොහොතින් ආරම්භ කරන ලදී.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් මත හෘද රෝගීන් සඳහා වන මෙම ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට නියමිතය.
මෙම වාට්ටු සංකීර්ණය මහල් 03 කින් සමන්විතව ඉදිකරනු ලබන අතර මෙම වාට්ටු සංකීර්ණයේ වැඩ ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ පෙ.ව. 10 ට සුබ මොහොතින් සිදු කරන ලදී.
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති, ශ්‍රාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් විසින් ආගමික උත්සවය සිදු කරන ලදී. සෙල්ල කතරගම මහසෙන් රාජ මහා විහාරාධිපති, පූජ්‍ය බඩල්ගම ජිනානන්ද හිමියන්ගේ නායකත්වයෙන් යුත් මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කර ඔවුන්ට ආශිර්වාද කළහ.
මෙම අවස්ථාවට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමාගේ ආරාධනයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා හමුදාව නියෝජනය කරන මහත්වරුන් පිරිසක් වන ලුතිනන් කර්නල් එම්. ආර්. විද්‍යාරත්න මහතා සහ මොනරාගල මහ රෝහලේ හෘද රෝග විශේෂඥ රුවන් මුණසිංහ මහතා සහභාගී විය.
රුහුණු මහා කතරගම දේවාලයේ මූල්‍ය පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකා හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකරනු ලැබේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ