ලක්ෂ 03 ක බිලක් නොගෙවූ නිසා මහින්දගේ නිවසේ ආරක්ෂකයින්ගේ කොටසේ වතුර කපයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ
විජේරාම නිවසේ කොටසක
ජල සැපයුම අත්හිටුවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ කොටසක ජල සැපයුම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ජල සැපයුම අත්හිටුවා ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිළධාරීන් ජීවත්වන කොටසට අදාල ජල සැපයුම බවයි පැවසෙන්නේ.
එබැවින් ජල සැපයුම අත්හිටුවීම එම නිවසේ ජීවත් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ශිරන්ති රාජපක්ෂ මහත්මියට බලපෑමක් ඇති කර නැත.
කෙසේ වෙතත්, ජල සැපයුම අත්හිටුවීමට හේතුව රුපියල් ලක්ෂ තුනක නොපිය වූ ජල බිලක් පැවතීම බව වාර්තා වේ.