යාපනයට අනුර ගියේ ගුවනින් නොවේ..ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක්

ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයේ යෙදුනේ හෙලිකොප්ටර තුනක් භාවිත කරමින් බවට පලවන වාර්තා සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යංශය පැහැදිලි කරයි.

අදාල වාර්තා අසත්‍ය බව සදහන් කරමින් ඔවුන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමා විසින් යාපනය ප්‍රදේශයේ කළ සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිතා කල බවට සංසරණය වන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධවයි

යොමුව :- ර.ප්‍ර.දෙ / ප්‍ර. අ/ පොදු/2025 (-) හා 2025.02.02 දිනැති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ලිපිය.

1. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා පසුගියදා (ජන.31 දින) යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා තුනක් භාවිතා කල බවට වන අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා මේවන විට සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවති.
නමුත්, කිසිදු ආකාරයකින් එම සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකල බවට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය තහවුරු කර සිටින අතර, ඒ සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කල බවත්, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

3. එකී කරුණු සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ කරුණු පැහැදිලි කිරීම ඔබගේ ඉදිරි කටයුතු සඳහා ඉදිරිපත් කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *