දශක ගණනක නිකැළැල් මෙහෙයක් කළ මායාදුන්නේ ලේකම්වරයාට පොලිසිය කළ අපහාසය මෙන්න

ප්‍රියන්ත මායාදුන්නේ,මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා මාධ්‍යට කලේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ 2011ජ්‍යාත්‍යන්තර සමුපකාර දිනය සැමරුම් උත්සවය පැවැත්වීමේදී සමුපකාර අරමුදලින් රුපියක් මිලියන 183ක් වැය කිරීම පිලිබඳ චෝදනාවක් මත ඔහුව අතඩංගුවට ගත් බවයි.

එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව මායාදුන්නේ මහතාව අධිකරණයට ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත් උසාවියට පෙන්වාදී ඇත්තේ ඉහත උත්සවයේ ප්‍රවාහන පහසුකම් සැපයීමේදී රුපියල් ලක්ෂයක මුදලක් අවභාවිතාවීමක් ගැන මායාදුන්නේ මහතා වගකිවයුතු බවය.ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක ඇප බැඳුම් කරයක් මත මායාදුන්නේ මහතා නිදහස් කිරීමට මහේස්ත්‍රත් තුමා නියෝග කර ඇත.

දැනට සැකපිට අතඩංගුවට ගෙන එසේ නිදහස් කෙරුනු මායාදුන්නේ මහතාට එරෙහිව චෝදනා ගොනුකර නඩු පවරන්නේද නැතිද යන්න ඉදිරියේදී දැන ගත හැකිවනු ඇත.කෙසේවුවත් පොලිස් මාධය ප්‍රකාශකවරයා මේසිද්ධිය ගන මාධ්‍යට කල ප්‍රකාශය නම් අනිවාර්‍යෙන්ම හෙලා දැකිය යුතුය.නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය අමානුශික ලෙස ක්‍රියා ක්‍රිම කිසිසේත් උචිත නැත.මට තේරෙන හැටියට නම් රාජ්‍ය සේවාවේ දීර්ඝ කාලයක් වගකිවයුතු තනතුරු දරමින් විශාල සේවාවක් රටට ඉටුකල ප්‍රියන්ත මායාදුන්නේ බඳු විශ්‍රාමික ජේය්ෂ්ට රාජ්‍ය නිලධාරියෙකු අරබයා නිතිය ක්‍රියාත්මක කිරීමේදී දැවැන්ත මූල්‍ය ගනුදෙනුවකට ඔහු වගකිවයුතු යැයි ඇඟවෙන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කල අසත්‍ය ප්‍රකාශ යෙන් ඔහුට සිදුවූ හානිය ඔහුට නගා ඇති චෝදනාවෙන් කරන හානියට වඩා බොහෝ විශාලය.

ඔහුට චෝදනා කර ඇති රුපියල් ලක්ෂයෙ චෝදනාව ගැන අධිකරණයේ නඩුවිභාගයේදි සාධාරණය ඉටුවනු ඇත.මේ අන්දම්න් ප්‍රියන්ත මායාදුන්නේ මහතාව බලවත් අගතියකට අසාධාරණයට ලක් කිරීමට එරෙහිව සාධාරණ පුරවැසියන් ගේ විරෝධය පොලිසියට හා ඔහුන්ට උඩගෙඩිදෙන උදවියට එල්ල කල යුතුය.රාජ්‍ය නිලධාරීන්ලෙස රාජකාරිමය වශයෙන් අප බොහෝ මූල්‍ය ගනුදෙනු සඳහා නිර්දේශ දීම් අනුමත කිරීම් සහතික කිරීම් ආදියට අත්සන් තැබුවෝ වෙමු.

ඒවා අභ්‍යන්තර විගණන අංශවලින් විගණනය කර නිවැරදි දැයි බලති විගණකාධිපතිතුමාගේ නිලධාරීන්ද එබඳු දේ විගණනය කර වරදක් සිදුව ඇතිදැයි සොයා බලති.රාජ්‍ය නිලධාරියෙකු ට තනිවම කිසිදු මුදලක් වැය කිරීමට ඉඩක් නැත.රාජ්‍ය මූලය ගෙවීමක් කිරීමට බලයදීම අනුමත කිරීම සහතික කිරීම හා ගෙවීම යනුවෙන් පියවර හතරක් පසු කල යුතුය මේ පියවර හතරට හතර දෙනෙක් සම්බන්ධ වෙති .

ඒ අනුව රජයේ සෑම මුදල් ගෙවීමකට හැමවිටම හතර දෙනෙක් වගකීම දරතිමේ පියවර හතර තුල නිවැරදිව ක්‍රියාකර ඇතිදැයි පරීක්ෂා කරන්නේ විගණන අංශ වලිනි.එසේ පරීක්ෂා කිරීමේදී අඩුපාඩුවක් වීඇත්නම් ඒ පිලිබඳව ආයතන ප්‍රධානියාට දන්වා ඔහුගේ නිරීක්ෂණ ලබාගනී.කිසියම් ගනුදෙනුවක ඇතිවරදකින්‍ රජයට පාඩුවක් සිදුව ඇත්නම් එය ඊට වගකිවයුතු නිලධාරියාගෙන් රජයට අධිභාරලෙස අයකර ගැනීමටත් නීතිමය ප්‍රතිපාදන ශ්‍රීලංකා පාර්ලිමේන්තුව විසින් සකසා අනුමත කර ඇත.ජාතික විගණන පනත ඒ නීතිමය ප්‍රතිපාදනයයි.

ඊට අතිරේකව නොසැලකිලිමත් ලෙස ක්‍රියාකරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන සේවයෙන් පහකිරීම දක්වා දඩුවම් පැමිණවීමේ ක්‍රමවේදයක් ආයතන සංග්‍රහයෙන් සකසා දීඇත.මේ රාජ්‍ය මූල්‍ය පරීක්ෂණ ක්‍රමවේද හා ආයතන සංග්‍රහයේ ක්‍රමවේද වෙනුවට රාජ්‍ය නිලධාරීන් කල හා කරන රාජකාරිමය කටයුතු දන්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව සලකා බැලීමේ නව ක්‍රමවේද්‍යක් ආණ්ඩුව විසින් හඳුන්වාදෙන්නට යන්නේද යන සැකය මේ මායාදුන්නේ මහතාට සිදුකල අසාධාරණය දුටු මට ඇතිවිය..විගණ කාධිපතිහා අභ්‍යන්තට විගණන නිලධාරීන්වෙනුවට පොලිස් නිලධාරීන් රාජ්‍යසේවයේ කටයුතු පරීක්ෂා කරන ක්‍රමවේදයෙන් වන්නේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකු තීරණ ගැනීමෙන් තොරව බෝලේපාස් කරමින් කල් ගත කිරීම බව ආන්ඩුවට ඉදිරියේදී වැටහෙනු ඇත.

ප්‍රියන්ත මායාදුන්නේ මහතාට සිදු කල බලවත් අගතිය ගැනත් රාජ්‍ය සේවය ආයතන සංග්‍රහය හාමුදල් රෙගුලාසිවලින් නොව දන්ඩ නීති සංග්‍රහයෙන් හා අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් පාලනය කරන්නට යාම ගැනත් විරෝධය පල කරමු.

සුනිල් කන්නන්ගර.
හිටපු මහ දිසාපති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ