රාජපක්ෂලා විතරක් නෙවෙයි..ඔක්කොම හොරු අල්ලනවා

රාජපක්ෂලා පමණක් නොව සියලු ම හොරු එකෙක් නෑර අල්ලන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

හොරුන්ට එරෙහිව ආණ්ඩුව කටයුතු කරන විට සජිත්, නාමල්, වීරවංශ ආදී සියලු පාර්ශ්ව හොරු රැකීම සඳහා එකතු වී ඇතැයි ද ඇමතිවරයා චෝදනා කලේය.

එලෙස හොරු රකින අතර රේගු දෙපාර්තමේන්තුව නිදහස් කළ කන්ටේනර්ව, රත්තරන් තිබුණේ යැයි චෝදනා නඟන බව ද එහි එක්පෝලංකා ආයතනයට අයත් කිසිදු කන්ටේනරයක් නොතිබූ බව රේගුව තහවුරු කර ඇතැයි ද බිමල් රත්නායක මහතා පැවසූවේය.

එසේ යම් නීති විරෝධී දෙයක් සිදුව ඇත්නම් පැමිණිලි කරන ලෙස තමන් අභියෝග කරන බව ද හෙතෙම සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ