රටේ මිනිස්සු තෙල් නැතුව පෝලිම් වල ඉද්දි නිල නිවස අලුත් වැඩියාවට මහින්ද ලක්ෂ 383ක් වැය කරලා

2023 වසරේදී පමණක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවස අලුත් වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 383 කට ආසන්න මුදලක් වැය වී ඇති බව අද හෙළිවුණා.
ඒ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ ප්‍රකාශයත් සමඟින්. ඒ අනුව 2015 වසරේ සිට පසුගිය වසර දක්වාම ලක්ෂ 400කට අධික මුදලක් මෙම නිවසේ අලුත් වැඩියාව සඳහා පමණක් වැය වී ඇති බවයි එහිදී ඔහු කියා සිටියේ.