පාසල් දරුවන් ලක්ෂ හතකට සපත්තු

පාසල් දරැවන් ලක්ෂ හතකට මේ වසරේදී සපත්තු ලබාදීමට බලාපොරොත්තු වන බව අගමැතිනී සහ අධ්‍යාපන ඇමතිනී ආචාර්ය හරිනි මෙනවිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. අමරසූරිය

ළමයින් 250ට අඩු පාසල්වල සියලුම දරුවන්ට සපත්තු ලබාදීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළාය.

අගමැතිනිය මෙසේ පැවසුවේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශිෂ්‍යත්ව විභාගයේ නඩු තීන්දුව හේතුවෙන් ප්‍රශ්න පත්‍ර බැලීම නතර කිරීමට සිදුවූ බවත් ඉතාම ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *