සමරිසි ආදර කතාවලට තායිලන්තය කොළ එළි දල්වයි

තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද (22) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද සිය විවාහ ගිවිස ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණි.

මෙම නීතිය ක්‍රියාත්මක වීම මගින් තායිලන්තය තුළ සමලිංගික යුවලකට අද සිට විවාහ වීමටත්, ඔවුන්ගේ වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ