ජනාධිපති වරයාට සහ පොලිස් කොමිසමට ජේෂ්ඨ පොලිස් නිලධාරීන් ගේ ප්‍රසාදය

නීත්‍යානුකූල  නොවන ආකාරයට නර්දේශ කර තිබූ, ඉහල පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු කීපයක් පොලිස් කොමිසම විසින් අනුමත නොකිරීම සම්බන්දව ඉහළ පොලිස් නිලධාරීන් ගේ ප්‍රසාදය හිමිව ඇත.

ජේ නි පො. පරිපාලන සේවයේ දැනට වැඩ බලන මේ වන විට ජේෂ්ඨත්වයෙන් ඉහලම සිටින පතීනායක මහතා මධ්‍යම පළාතට මාරු කර යැවීමට දුන් නිර්දේශයක් කොමිසම අනුමත කර නැත. කෙසේ වෙතත් සබරගමුවජේ නි පොලිස් පති සංජීව ධර්මරත්න මහතා දක්ෂ නිලධාරීයෙක් වන අතර ඔහු බස්නාහිර ට මාරු කිරීම අනුමත කර ඇත.

සාධාරණ පදනමකින් තොරව දුන් ස්ථාන මාරු කීපයක්ම කොමිසමේ අනුමැතිය නොමැති නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත.

පොලිස් කොමිසමේ නිත්‍යානුකුල ක්‍රියා කිරීම, වෙනත් විදියට අර්ථ කථනය කරමින් මේ පිලිබඳ ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇතත්, ඔහු නව රජයේ ප්‍රතිපත්ති අනුව ස්වාදීන කොමිෂන් සභාවක කටයුතු වලට මැදිහත් වීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ නිසා ජනාධිපති වරයාටත් පොලිස් කොමිසමටත් ඉහල පොලිස් නිලධාරීන් ගේ ප්‍රසාදය හිමිව ඇති අතර, වැඩ බලන පොලිස්පතිවරයා ගේ සහ අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් ගේ ක්‍රියා කලාපය සම්බන්දව කලකිරීමට පත්ව සිටින බව සැලයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ