යුධ බිමේ මතක ඉතිරිකොට ශවේන්ද්‍ර නික්ම යයි

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් මේ මස 31 වෙනිදා විශ්‍රාම යාමට නියමිතව ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ සේවා කාලය මෙම 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබින.

නව රජය යටතේ ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව ඒ මහතාගේ දීර්ඝ ආරක්‍ෂක සේවා ඉතිහාසය මෙම දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව ඇති අතර ඔහු එතැන් සිට සේවයෙන් විශ්‍රාම ගනී.

ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේද නැතහොත් රඳවා ගන්නේද යන්න රජය තවමත් තීරණය කර නැත.

ඒ සම්බන්ධයෙන් රජයේ සැලසුම් පිළිබඳව විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එය අඛණ්ඩව පවත්වාගෙන යාම හෝ අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button