බංගලියන්ගෙන් ඊයේ රෑ ශ්රී ලංකාවට එරෙහිව අමුතුම ලෝක වාර්තාවක් !

සංචාරක බංගලාදේශ කණ්ඩායම විසින් ඊයේ පැවති තරඟයේදී ශ්රී ලංකාවට එරෙහිව අපූරු ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා.
ඒ ක්රිකට් ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඉණිම් කඩා වැටීම සටහන් කරමින්.
දෙවෙනි කඩුල්ලේ සිට අටවෙනි කඩුල්ල දක්වා ඔවුන්ගේ කඩුලු බිඳ වැටුනේ ලකුණු 05 ක් වන අතර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසිනුයි.
ඒ 2020 වසරේදී නේපාලයට එරෙහි තරඟයක වන අතර ඔවුන්ගේ මෙලෙස ඉණිම කඩා වැටුනේ ලකුණු 08 ක් ඇතුළතයි.
එහෙත් ඊයෙ දිනයේදී බංගලාදේශයේ එය සිදුවූයේ ලකුණු 5 ක් තුළයි.