එක පිට ජන්ද පහක් පැරදුනු සජිත් එක්ක ගමනක් නෑ..! සජිත්ව ඉවත්කොට කරූව නායකකමට ගේන්න සජබය ඇතුළේ රහස් කතා ?

තමන් සහභාගී වූ මැතිවරණ සියල්ලම පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා සමඟ තවදුරටත් ගමනක් නොමැති බැවින් ඔහුව ඉවත්කොට පක්ෂ නායකත්වය සඳහා වෙනත් ජේෂ්ඨයෙකු පත් කිරීමට සජබ පසුපෙළ සාකච්චා කොට ඇතැයි වාර්තා වෙනවා.
2019 ජනාධිපතිවරණය සමඟ මේ දක්වා පැවති මැතිවරණ සියල්ලම සජිත් ප්‍රේමදාස මහතා පරාජය වූ අතර ඔහුගේ හිතවාදීන් කොපමණ ඉලක්කම් විජ්ජාවන් පෙන්වුවද ඔහුට ජයගත නොහැකි බව මේ වන විට ඔප්පු වී හමාර බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
විපක්ෂ නායක ලෙස සිටියදී ඔහුවද අභිබවා ජාතික ජන බලවේගය 3% සිට ජනපති පුටුව දක්වා පැමිණියේද ඔහුගේ දුර්වල බව නිසා බැවින් සහ එජාප හිතවාදී ජන්ද පදනම ජයගැනීම ඔහුට නොහැකි බැවින් මධ්‍යස්ථ නායකයෙකු වන කරූ ජයසූරිය මහතාව එම තනතුරට වඩා සුදුසු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ.