බදු නොගෙවා රජයට පොල්ල තැබූ ඇලෝෂියස් ඇතුලු ව්‍යාපාරිකයින් පිරිසකගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණයක් ?

රුපියල් බිලියන 4.3 ක වැට් බදු ගෙවීම පැහැර හැර තිබෙන සමාගම් පහක අධ්‍යක්ෂවරුන්ගේ දේපළ රජයට පවරා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු- කරමින් සිටින බව වාර්තා වේ.
මෙම සමාගම් අධ්‍යක්ෂකවරු අතර, ඩබ් මෙන්ඩිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් ද සිටියි.
ඒ අනුව, බදු ගෙවීම පැහැර තිබෙන මෙම සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.