ගාසා වැසියන් ගැන ඊශ්‍රායලයේ හිත උණුවුන හැටි

ගාසා තීරයේ වැසියන්ට අවශ්‍ය මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.

ඒ සති 10ක පමණ කාලයක් ගසා තීරයට ආහාර ලබාදීම අවහිර කරමින් ඊශ්‍රායලය ගෙන තිබූ තීරණය අත්හිටුවමින්.

ගාසා තීරයේ සාගිනි අර්බුදයක් ඇති වීම වැලැක්වීමට වගබලා ගනිමින් සහන කණ්ඩායම්වල ආහාර රැගත් රථවලට ගාසා තීරයට ඇතුළු වීමට අවසර ලබාදීමටයි ඊශ්‍රායලය තීරණය කර ඇත්තේ.

ඊශ්‍රායලය මෙම තීරණය ගෙන ඇත්තේ ගාසා තීරය පුරා යළිත් පුළුල් මෙහෙයුම් ආරම්භ කර පැය කිහිපයක් ගත වීමෙන් පසුවයි.

ගාසා තීරයේ ජීවත් වන මිලියන 2යි දශම 1ක ජනගහනය අතර සාගතයක් ඇති වීමේ අවධානමක් ඇතිවිය හැකි බවට ආධාර ආයතන අනතුරු අගවා තිබුණා.

එබැවින් වහාම බාධාවකින් තොරව ගාසා තීරයට ආහාර සැපයුම් ලබාදීම සඳහා ඉඩ ලබාදෙන ලෙස ප්‍රංශය ද ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර ඉකුත් පැය 24 තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් 361 දෙනෙකු තුවාල ලබා ඇති බවයි හමාස් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ